Header Ads Widget

Free Twitter Followers

Instant

6/recent/ticker-posts

iPhone සඳහා Android අත්දැකීම ලබාගැනීමට Samsung සමාගම විසින් iTest නම් වූ App එකක් හඳුන්වාදීමට කටයුතු කරයි


Samsung සමාගම විසින් iPhone customers ලා සදහා Samsung Phone Experience එක ලබා ගත හැකි වෙන පරිදි නව App එකක් හදුන්වා දී තිබෙනවා. මේ මගින් Samsung සමාගමේ Smartphones වල තිබෙන ආකරයේ Android Skin එකක් iPhone එක මගින් අත්හදා බැලිමේ අවස්ථාව හිමි වෙනවා.

ඒ මගින් iPhone එක භාවිතා කරමින් Samsung Android Devices එකක ආකරයේ Experience එකක් ගැනීමට හැකි වෙනවා. මේ සදහා කළ යුතු වෙන්නේ Safari Web Browser එක මගින් iTest වෙබ් අඩවිය වෙත පිවිසීමයි . Samsung සමාගම විසින් හදුන්වා දුන් මේ "iTest" Web App එක iPhone Usersලාට ඔවුන්ගේ Apple Devices මගින්ම Samsung One UI Experience එක ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා.

මෙම වෙබ් app එකට පිවිසීමෙන් අනතුරුව එක PWA එකක් ලෙස Home screen එකට add කරන ලෙස ඉල්ලා සිටින අතර, ඉන් පසුව home screen එක හරහා එය app එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

එම app එකට ඇතුළු වීමෙන් අනතුරුව Galaxy Store, Themes, Messages සහ Phone apps ඇතුළුව apps සහ settings ගණනාවක් භාවිතා කර බැලීමේ අවස්ථාව පරිශීලකයාට හිමි වෙනවා.

මෙහිදී simulated phone calls සහ text messages කිහිපයක් ලබාදීමට කටයුතු කරනු ලැබෙන අතර, ඒ හරහා අදාල පරිශීලකයාව call screen එක වැනි පහසුකමක් හරහා guide කිරීමට මෙම වෙබ් app එක කටයුතු කරනවා.

මීට අමතරව Samsung Kids, Samsung Health apps මෙන්ම සියළුම Samsung accessories ඔවුන්ගේ Galaxy Wearable app එක සමඟින් භාවිතා කරන ආකාරය පිළිබඳව ද පරිශීලකයාව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

Samsung සමාගම විසින් මේ වෙන විට නවසීලන්තය තුල ඔවුන්ගේ මේ iTest Web Experience එක පිළිබඳව නිල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින අතර ලොව පුරා සිටින iPhone පරිශීලකයින් හට අවශ්‍ය නම් ඔවුන්ගේ iPhone තුලින් Samsung Android Experience එක ලබා ගැනිමට මේ සමඟින් හැකි වෙනු ඇත.
Source : TechNews LK

Post a Comment

0 Comments