Header Ads Widget

Free Twitter Followers

Instant

6/recent/ticker-posts

iOS devices සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ලබාදීමට කටයුතු කරයි

Clubhouse app එක ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් අහල තියෙනවා වගේම නැතුවම බැරි audio based සමාජ මාධ්‍යක් කිව්වොත් නිවැරදියි. ඉතින් මේ Clubhouse කියන audio based platfom එකෙහි මුල්ම සංස්කරණය නිකුත් කලේ iOS devices භාවිතා කරන්නන් සඳහා පමණක් වුවත්, මේ වනවිට ඉන් ඔබ්බට ගොස් Android පරිශීලකයන් සඳහාත් මේ app එක ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

පසුගිය මාසයේදි Clubhouse සේවාවෙන් beta විශේෂාංගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, invite එකක් නොමැතිව app එකට සම්බන්ධ විය හැකි අකාරයක් හඳුන්වාදුන් අතර මේ වනවිට, Clubhouse තුළ දිනකට rooms 600,000 ක් පමණ create වන බවත්, ප්‍රතිශතයක් වශයෙන් පුද්ගලයෙකු දිනකට මිනිත්තු 60 කට වඩා මෙම platform එක තුළ රැදී සිටින බවත් Clubhouse ආයතනය වාර්තා කරනවා.

දැනටමත්, වෙනත් Streaming platforms සඳහා ද විවිධාකාරයෙන් Spatial Audio තාක්ෂණය යොදාගනු ලබන අතර මීට පෙර ලිපියකින් iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහාය ලබාදීමට Netflix ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේවෙතත්, Spatial Audio පහසුකම තවමත් භාවිතා කිරීමට හැකියාව ඇත්තේ iOS based devices සඳහා වීමත් විශේෂත්වයක් වන අතර iOS සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ලබාදීම පිළිබඳව Clubhouse නිළ twitter ගිණුම හරහා tweet එකක් පළ කිරීමටද Clubhouse ආයතනය කටයුතු කර තිබෙනවා.

Hear ye, hear ye 🔊 spAAaAaAatial audio on Clubhouse!

It's like surround sound, but w/ your own headphones. A more vibrant, human experience! Plus makes it much easier to tell who's talking.

thanks to @juberti for this one 👏 rolling out now on iOS, Android coming soon! pic.twitter.com/Zit6F9ijRK

— Clubhouse (@Clubhouse) August 29, 2021

මෙම spatial audio තාක්ෂණය මගින්, ත්‍රිමාණ අතත්‍ය (virtual) අවකාශයක් පරිශීලකයා තුල ඇති කිරීම මගින් Clubhouse සංවාදයකට සවන් දෙන පරිශීලකයන් හට සැබෑ ලෙස මිනිසුන්ගෙන් පිරුණු කාමරයක සිට එම සංවාදයට සහභාගි වන ආකාරයේ අත්දැකීමක් ලබාගැනීමට හැකියාව හිමිවෙනවා. එමෙන්ම, මේ තාක්ෂණය bluetooth හෝ wired headphones සමඟ හොඳින් ක්‍රියා කරන බවද වාර්තා වෙනවා.

මෙම spatial audio තාක්ෂනය තවමත් clubhouse භාවිතා කරන Android පරිශීලකයින් සඳහා ලබාදී නොමැති අතර ඉක්මනින් Android සඳහා වන Clubhouse සංස්කරණයටත් Spatial audio සහය ලබාදීමට කටයුතු කරන බව Clubhouse ආයතනයේ නිළ blog අඩවියේ සඳහන් කර තිබෙනවා.


Brought to you by Club House Blog

මේ වනවිටත් iOS සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ඔවුන්ගේ නවතම Clubhouse සංස්කරණයත් සමග ලබාදීමට කටයුතු කර තිබෙන අතර Apple App Store එක හරහා Clubhouse app එකෙහි latest version එකට update කිරීමෙන් මෙම පහසුකම ලබාගැනීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, ඔබට අවශ්‍ය පරිදි Spatial audio පහසුකම enable හෝ disable කිරිමට iOS devices සඳහා වන Clubhouse app එක හරහා හැකියාව තිබෙනවා.

Source : TechNews LK

Post a Comment

1 Comments

  1. Golden Nugget Casino Resort Map & Directions - Mapyro
    Golden 경상북도 출장마사지 Nugget Casino Resort. Distance from 구리 출장마사지 Fremont Street Station Casino and South Fremont Street Station 남원 출장마사지 Casino. Distance from 상주 출장안마 Fremont Street Station Casino 목포 출장샵

    ReplyDelete