Header Ads Widget

Free Twitter Followers

Instant

6/recent/ticker-posts

iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහාය ලබාදීමට Netflix ආයතනය කටයුතු කරයි


Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් හඳුන්වාදීමෙන් අනතුරුව බොහෝ පිරිසකගේ අවධානයට Spatial Audio පහසුකම යොමු වුණා.

මේ Spatial Audio පහසුකම මගින් iPhone සහ iPad හරහා 3D Surround sound අත්දැකීමක්, එහෙමත් නැතිනම් Cinematic music experience එකක් ලබා ගැනීමට පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.

කෙසේ වුවත් මේ දක්වා මේ Spatial Audio තාක්ෂණය සඳහා සහාය දැක්වූයේ Apple සමාගමේ stock apps පමණක් වූ නමුත්, මේ වන විට Netflix ඇතුළු Disney Plus, HBO Max වැනි අනෙකුත් streaming platform වලට ද මෙම පහසුකම එකතු කිරීමට එම සමාගම් කටයුතු කරමින් සිටිනවා.


Netflix ආයතනය මේ වන විටත් ඔවුන්ගේ Netflix app එකට මෙම පහසුකම ලබාදීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඔබට Spatial Audio පහසුකම අත්විඳිය හැකි වන්නේ AirPods Pro සහ AirPods Max උපාංගයක් සමඟ හෝ Spatial Audio සඳහා සහාය දක්වන device එකක් භාවිතා කිරිමෙන් පමණක් බවද මතකයේ තබාගත යුතු වෙනවා.

ඔබට Netflix app එක ඔස්සේ මෙම Spatial Audio පහසුකම අත්විඳීම සදහා ඔබගේ Netflix app එක latest Version එකට යාවත්කාලීන කර තිබිය යුතු වෙනවා.

මෙම Spatial Audio පහසුකම enable කරගැනීමට Control Center එකේ Spatial Audio සදහා වෙනම toggle එකක් දැකගත හැකි වන අතර මෙමගින් ඔබට Netflix ඇතුලු Spatial Audio සඳහා සහය දක්වන ඕනැම platform එකක් මගින් මෙම පහසුකම අත්විඳීමට හැකි වනවා.

තවද ඔබට අවශය වන පරිදි මෙම spatial audio පහසුකම disable කිරීමට ද ඉහත පෙන්වා දී තිබෙන toggle එක මගින් හැකියාව ලැබෙනවා. මේ Spatial Audio පහසුකම iOS සහ iPadOS වලින් ඔබ්බට ගෙන ගොස්, ඉදිරියේදී macOS හා tvOS සඳහා ද ලබාදීමට Apple සමාගම සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

Source : TechNews LK

Post a Comment

0 Comments