Header Ads Widget

Free Twitter Followers

Instant

6/recent/ticker-posts

ඩිලීට් කරපු Whatsapp Status,Whatsapp Messages බලමු.මොනවද මේ Whatsapp Mods ?

 

අද ලිපියෙන් මම කතාකරන්න යන්නේ අපි කවුරුත් පාවිච්චි කරන Whatsapp එකට තියන Moded applications ගැන.මුලින්ම බලමු මොකක්ද මේ Moded Application එකක් කියන්නේ කියලා.

අපි PC වල අපි පාවිච්චි කරන Microsoft Office, Adobe Collection වගේ අපිට නැතුවම බැරි වෙලා තියන Software සල්ලි දීල ගන්න වත්කමකුත් නැති නිසා Crack එකක් දාලා පාවිච්චි කරනවානේ.මේ Crack එකේදි කරන්නේ Offcial Software එකේ දාලා තියන Lock එකක් කඩලා අපිට Software එක සල්ලි ගෙවන්නේ නැතුව පාවිච්චි කරන්න අවස්තාව අරන් දෙන එක.

ඉතින් මෙන්න මේ වගේම දෙයක් තමා Android වල Moded APK එහෙම නැත්තන් Moded Applications කියන්නේ.Official App එකේ දෙන්නේ නැති එහෙම නැත්තන් සල්ලි දීලා විතරක් පාවිච්චි කරන්න පුලුවන් Features එහෙම නැතුව ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් විදිහට App එක වෙනස් කරාම එහෙමත් නැත්තන් Mod කරාම ඒකට අපි කියනවා Modded Application  එකක් කියලා.

එතකොට Whatsapp ගැන කතා කරද්දී මේක Free app එකක්නේ.මේකේ මොනවද අයේ Crack කරන්න තියෙන්නේ කියල හිතනවා ඇති.ඒත් මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ Official Whatsapp App එකේ නැති Features ටිකක් දාලා Whatsapp Modded App හදලා තියනවා.

👉ඔයාගේ යාලුවෝ ඩිලීට් කරපු Status, Whatsapp Messages Delete කරාට පස්සෙත් බලන්න පුලුවන්.

👉Private Chats හදන්න පුලුවන්..මේකෙන් ඔයාට සාමාන්‍ය Whatsapp app එක open කරත් ඒකෙ පෙන්නන්නේ නැති විදිහට Chat එකක් හන්ගන්න පුලුවන්..Private chats වලට යන්නනම් Pattern එකක් වගේ Method එකකින් ලොක් එක ඇරගන්න වෙනවා.

👉Groups වලින්, Chats එන Media Files (Audio,Video, Images,Documents) phone එකේ gallery එකේ පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුලුවන්.

👉Last Seen, Blue Tick වගේ දේවල් ඔයාට ඕන විදිහට හදාගන්න පුලුවන්.ඒ කිව්වේ ඔයා Message read කරත් අනිත් කෙනාට Blue Tick එකක් පේන්නනේ නැති වෙන්න වගේ.

👉යාලුවන්ගේ Status එයාලට හොරෙන් බලන්න පුලුවන්..ඒ කිව්වේ  ඔයා එයාලගේ status බැලුවත් ඒක එයාලට පේන්නේ නෑ.

👉Pattern,Fingerprint වගේ method එකකින් Whatsapp Lock කරන්න පුලුවන්.

👉තත්පර 30ට වැඩි වීඩියෝ Automatically තත්පර 30 ඒවට කැඩිලා එන විදිහට Status දාන්න පුලුවන්.

👉වෙන වෙනම Contacts වලට Group වලට වෙනම Privacy Settings හදන්න පුලුවන්.

👉ඒ වගේම තමා Whatsapp UI එක ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන්.ඒත් එක්කම මේ Mod apps එක්ක Themes ගොඩක් එනවා ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්.

👉Airplane Mod එක තියනවා..ඒ කිව්වේ මේ phone එකේ airplane mod on කරාම වගේ whatsapp තාවකාලිකව ක්‍රියාවිරහිත කරන්න පුලුවන්.

ඔන්න ඔය වගේ Features ගොඩක් එකතු කරලා Whatsapp app  එකේ Modded apps නිර්මානය කරලා තියනවා.මෙතන මම කිව්වේ ප්‍රදාන features ටිකක් විතරයි.මේ Modded Apps ගැන කතා කරොත් මීට ටික කාලෙකට කලින් Whatsapp Plus, GB Whatsapp, Yo Whatsapp වගේ එක එක නම් වලින් මේ Modded Applications ආවා.ඒකට හේතු උනේ එක එක පුද්ගලයෝ එක එක නම් වලින් මේ Modded Apps හදපු එක.

ඒ කොහොම උනත්  දැන් ටික කාලෙක ඉදන් Whatsapp එකෙන් මේ Modded Apps Ban කරන්න පටන් ගත්තා.ඒ කිව්වේ කවුරු හරි මේ Modded whatsapp App එකක් දාගත්තොත් තාවකාලිකව එයාගේ Phone number එක Whatsapp වලින් Ban කරනවා.ඒ හින්දා අර කලින් කියපු Modded Apps වලින් ගොඩක් දැන් වෙද්දි පාවිච්චි කරන්න බෑ.ඒ කොහොම උනත් එහෙම වෙද්දිත් Ban නොවෙන විදිහට අහු වෙන්නේ නැති වෙන්න Modded Apps develop වෙන එකනම් නවත්තන්න Whatsapp එකට බැරි උනා.

Yo Whatsapp වගේ Modded Apps එක දිගටම Update වෙන නිසා Ban වෙන එක අඩු වෙලා තියනවා මේ වෙද්දී.මේ Apps Yo whatsapp, Fauld Whatsapp,Gold Whastapp වගේ නම් වලින් එනවා.මේවා Official විදිහට එන ඒවා නොවෙන හින්දා Developer මාරු වෙද්දී හිටපු ගමන් නම වෙනස් වෙනවා ඒ වගේම Updates එන්න පරක්කු වෙනවා වගේ අවුල් සමහර වෙලාවට වෙනවා.

Modded App එකක් පාවිච්චි කරන එක ආරක්ශිතද?

ආරක්ශිත නෑ.Modded App එකක් පාවිච්චි කරනවා කියන්නේ ඔයාගෙ Privacy එකට හානියක් වෙන්න පුලුවන්.මොකද අපි දන්නවා අපි Crack කරලා පාවිච්චි කරන Software අස්සේ ලේසියෙන්ම Virus එකක් හෝ වෙන Malicious Code එකක් හන්ගලා එවන්න පුලුවන්.ඒ වගේම තමා මේ Modded App කියන්නෙත් කවුරුහරි භාහිර පුද්ගලයෙක් වෙනස් කරලා හදපු app එකක්.ඒක ඇතුලේ මොනවා වෙනවද කියන එක කවුරුත් සහතික කරන්නේ නෑ.
අනිත් කාරනය මේ Modded Apps PlayStore  එකේ හොයාගන්න නෑ මොකද ඒවා නීතිවිරෝදී නිසා.
ඔයාලට මේ Modded App එකක් පාවිච්චි කරලා බලන්න ඕනෙනම් මෙතනින් Download කරගන්න පුලුවන්.
Download කරගත්තට පස්සේ මේ app එකේ Settings වලට ගිහින් බැලුවොත් Official App එකේ නැති options ගොඩක් තියනවා දකින්ඩ පුලුවන්.
උදාහරනයක් විදිහට මෙතනින් Privacy Settings වල පල්ලෙහා තියනවා වගේ Options තියනවා දකින්න පුලුවන් වෙයි.
මෙතන Freez Last Seen Option එකෙන් ඔයාගේ Last Seen වෙලාව update වෙන එක නවත්තන්න පුලුවන්.
Disable Forward Option එකෙන් Message එකක් forward කරද්දී Forwarded කියලා වැටෙන එක නවත්තන්න පුලුවන්.
Hide View Status Option එකෙන් අනිත් අයගේ Status බැලුවත් ඒක ඒ අයට පෙන්නන්නේ නැති විදිහට හදාගන්න පුලුව්න්.
Anti-Delete Status සහ Anti Delete Messages Option වලින් Delete කරපු messages සහ  Status , delete කරාට පස්සෙත් ඔයාට පෙන්නන විදිහට හදාගන්න පුලුවන්.

මේ වගේ Options ගොඩක් මේවගේ තියනවා.හැබැයි කලින් කිව්වා වගේ මේවා පාවිච්චි කරන එක අනුමත කරන්න බෑ කියන එක මතක තියගන්ඩ.

Post a Comment

1 Comments